ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව පළාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. නැගෙනහිර, ඌව පළාත්වලට සහ මුලතිව් දිස්ත්‍රික්කයට පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු-මැද, වයඹ පළාත් සහ හම්බන්තොට, මාතලේ දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 30-40 දක්වා තරමක තද සුළං හමනු ඇත. ගිගුරුම් සහිත වැසි සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

