දිට්වා සුළි කුණාටුවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය විමසා බැලීමට තීරණයක්

0
2

දිට්වා සුළි කුණාටු ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල නිල සන්නිවේදනය සහ සම්බන්ධීකරණය සිදු වූ ආකාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් හමුවට කැඳවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබේ.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 10 වැනිදා රැස් වූ මෙම කාරක සභාවේදී, 2025 නොවැම්බර් 23 සිට 27 දක්වා ඇති වූ අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හමුවේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල සිදු වූ පූර්ව අනතුරු ඇඟවීම් හා හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ගෙන් කරුණු විමසා බලන ලදී.

ආපදාවලට මුහුණ දීමේ පූර්ව සූදානම මෙන්ම ඉදිරියේදී විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටියක් සකස් කිරීම, ආපදා පෙරහුරු පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති කාර්යක්ෂම කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here