දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ 3.6ක් සොයාගැනේ.

0
4

ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගත් යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3.6ක තොගයක් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකාවට දකුණින් වූ ගැඹුරු මුහුදේදී විදේශීය බුද්ධි අංශවල සහාය ඇතිව දින දෙකකට පෙර මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබූ අතර, එය ඊයේ (27) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය. කිසිදු රටකට අයත් ධජයක් නොමැතිව යාත්‍රා කරමින් තිබූ එම යාත්‍රාවේ සිටි විදේශීය ජාතිකයන් හත්දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අදාළ යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දී තිබේ.

මේ අතර, දකුණු මුහුදේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ, ‘රටම එකට’ ජාතික මෙහෙයුම් මාලාව යටතේ මේ දක්වා රුපියල් බිලියන 116ක් වටිනා මත්ද්‍රව්‍ය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. එමෙන්ම මෙම ජාතික මෙහෙයුම හරහා මේ වන විට සැකකරුවන් 379 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here