දකුණු පළාත් සභාවට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය සමාලෝචනය කිරීමේදී රාජ්ය ආයතනවල දීමනා ප්රදානය කිරීම, චක්රලේඛ නිසි පරිදි ක්රියාත්මක නොවීම, ප්රසම්පාදන ක්රියාවලියේ අක්රමිකතා සහ යන්ත්රෝපකරණ වෙන්දේසි කිරීමේදී සිදුවූ මූල්ය අලාභ සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමු විය.
2023 මාර්තු 24 දිනැති කෝපා කමිටු රැස්වීමේදී ලබා දී තිබූ නිර්දේශ සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කිරීම සහ 2021-2023 වර්ෂවල විගණකාධිපති වාර්ෂික වාර්තා, 2024 හා 2025 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය සාකච්ඡා කිරීම සඳහා එම කාරක සභාව එහි සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතු ව තිබූ ඇස්වැල්ෆෝට් නිශ්පාදන යන්ත්රය 2021 වසරේදී වෙන්දේසි කිරීමේදී සිදුවූ බව කියන අක්රමිකතා සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
2013 වසරේදී අධිකාරිය වෙත පවරා දී තිබූ මෙම යන්ත්රය, 2018 වසරින් පසු මහා පරිමාණ මාර්ග කාපට් කිරීමේ ව්යාපෘති නොමැති වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ බව නිධාරීහු පෙන්වා දුන්හ. යන්ත්රය අක්රියව තබා ගැනීමෙන් නඩත්තුව හා ආරක්ෂණ වියදම් දැරීමට සිදුවීම ද එය වෙන්දේසි කිරීමට බලපෑ හේතුවක් ලෙස සඳහන් විය.
කෙසේ වෙතත්, යන්ත්රය වෙන්දේසි කිරීමේදී එහි ඉතිරිව තිබූ තාර ලීටර් 21,782ක් සහ ඩීසල් තොගය නිසි පරිදි තක්සේරු කර වෙන්දේසි වටිනාකමට ඇතුළත් නොකිරීම හේතුවෙන් මූල්ය අලාභයක් සිදුවී ඇති බව මෙහිදී සාකච්ඡා විය.
මෙම අලාභයට අදාළව ගැනුම්කරුගන් මුදල් අය කර ගැනීම සඳහා අධිකරණ ක්රියාමාර්ග ගෙන ඇති අතර, පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද අනාවරණය විය. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන හා විධිමත් විනය පරීක්ෂණ සිදුකර නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විනය ක්රියාමාර්ග ගෙන තිබුණද, අලාභය අදාළ නිලධාරීන්ගන් අය කර ගැනීම මෙතෙක් සිදුව නොමැති බව ද සාකච්ඡා කෙරිණි. අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති කරුණු ද සැලකිල්ලට ගනිමින්, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශනය කර සැබෑ වගකිවයුත්තන් හඳුනා ගැනීම සඳහා නැවත පූර්ණ විමර්ශන කමිටුවක් පත් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.
මීට අමතරව, දකුණු පළාත් සභාව යටතේ ක්රියාත්මක වූ ප්රසම්පාදන ක්රියාවලියේදී මතුවූ ගැටලු පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.
-
පැළ සැපයීමේ ප්රසම්පාදන ගැටලු: එකම සැපයුම්කරුවෙකු සමඟ ගිවිසුම් කිහිපයකට එළඹීම, අත්තිකාරම් මුදල් ගවා තිබියදී නියමිත සැපයුම් සම්පූර්ණ නොවීම සහ අයවිය යුතු මුදල් පියවා ගැනීම සඳහා ඉඩමක් පවරා ගැනීමට ගත් ක්රියාමාර්ග.
-
ස්කෑනර් යන්ත්ර මිලදී ගැනීම: නිසි අවශ්යතා ඇගයීමකින් හෝ ශක්යතා අධ්යයනයකින් තොරව රුපියල් මිලියන 27ක පමණ වියදමින් ස්කෑනර් යන්ත්ර 86ක් මිලදී ගැනීම සහ ඒවායින් බහුතරයක් අපේක්ෂිත කාර්යයන් සඳහා භාවිතයට නොගැනීම.
-
ඩිජිටල්කරන කටයුතු: අදාළ මෘදුකාංග ව්යාපෘතිය ක්රියාත්මක කිරීමේදී මතුවූ ගැටලු හේතුවෙන් ඩිජිටේකරණ කටයුතු අතරමඟ ඇනහිටීම.
-
දීමනා ලබාදීම: රාජ්ය ආයතනවල නිලධාරීන්ට ඉන්ධන සහ නිවාස දීමනා ප්රදානය කිරීමේදී අදාළ චක්රලේඛ හා මූල්ය රෙගුලාසි නිසි පරිදි අනුගමනය කර තිබේද යන්න.
රාජ්ය මුදල් සහ දේපළ භාවිතයේදී විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව, අනාවරණය වූ ගැටලු සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදුකර, වගකිවයුතු පාර්ශ්වයන් හඳුනාගෙන අදාළ නීතිමය හා විනය ක්රියාමාර්ග ගැනීමේ අවශ්යතාව පිළිබඳව අවධානය යොමු කළේය.
මෙම රැස්වීම සඳහා ගරු රාජ්ය ඇමතිවරුන් වන නලීන් හේවගේ, විශ්රාමික ලේජ්ර් ජෙනරාල් අරුණ ජයසේකර, අරවින්ද සෙනරත්, ගරු මන්ත්රීවරුන් වන නීතීඥ සාගරිකා අතාවුද, ටී. කේ. ජයසුන්දර, ලාල් ප්රේනාත්, සුසන්ත කුමාර නවරත්න, රුවන්තිලක ජයකොඩි , මංජුල සුරවීර ආරච්චි, අජන්ත ගම්මද්දගේ සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


