තද වැසි නිසා ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත වේ

0
13

අද (24) අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් පියවර ගෙන තිබේ.

පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ලැබුණහොත් සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත විය හැකි බැවින්, ජලාශ වේල්ලට පහළින් පිහිටි කොත්මලාඔය දෙපස පදිංචිකරුවන්ට විමසිලිමත්ව පසුවන ලෙස ආපදා කළමනාකරණ ඒකකය උපදෙස් දෙයි.

මෙම අධික වර්ෂාපතනයත් සමඟ ප්‍රදේශයේ පිහිටි සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් යන දිය ඇලිවල ජල ධාරිතාව ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here