ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කරන්නැයි නියෝග

0
16

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවමේ ඉතිරි කාල සීමාව යළි ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය අද නියම කර තිබේ.

විවෘත වරෙන්තුවකට අනුව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන් විසින් අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, උන්වහන්සේට නියමිත දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here