නීති විරෝධී ලෙස බස් රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ සිද්ධියකට අදාළව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතට සහ 2014 අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශවලට පටහැනිව, දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සහ වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව ලබාදීම එතුමාට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාවයි.
අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

