ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදයි

0
19

අදට (සැප්තැම්බර් 15) යෙදී ඇති ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සුරැකීම, මානව හිමිකම් තහවුරු කිරීම සහ ජනතා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ලොව පුරා දැඩි අවධානයට ලක්ව තිබේ.

“තීරණ ගැනීමේ ක්‍රියාවලියට ජනතාවගේ සක්‍රිය දායකත්වය ලබාගැනීම සහ වගවීම සහිත පාලන ක්‍රමවේදයක් ගොඩනැගීම” මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන තේමාව වී ඇත.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතේරෙස් මහතා සිය විශේෂ පණිවිඩය නිකුත් කරමින් සඳහන් කරන්නේ, සමාජයේ සියලුම පාර්ශ්වයන් ප්‍රතිපත්තිමය තීරණ වෙත සම්බන්ධ කරගැනීම තුළින් විශ්වාසනීය සහ සාමකාමී සමාජයක් නිර්මාණය කළ හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here