ජනපති හදිසියේ රාජ්‍ය නිලධාරීන් කැඳවයි

0
258

NEWSNOW| – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසියේ රාජ්‍ය නිලධාරීන් කැඳවා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ඔහු උපදෙස් ලබා දී ඇත්තේ ක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙසයි.

මේ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද මෙහිදී දැනුම්දි තිබේ.