ජපානයේ පැවැත්වෙන 5 වන ආසියානු පැරා ක්රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ (T47) ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ ජනනි ධනංජනා වික්රමසිංහ සමත් වී තිබේ.
මුළු තරගය පුරාම අනගි දස්කම් දැක්වීමට සමත් වූ ඇය, මීටර් 5.52ක දුරක් වාර්තා කරමින් මෙම අභිමානවත් රන් පදක්කම තමන් සතු කර ගත්තාය.
ඇයගේ මෙම විශිෂ්ට දක්ෂතාවය මෙවර තරගාවලියේ ශ්රී ලංකා පදක්කම් පදක්කම් සටහන තවත් නංවාලීමට සමත් වූ අතර, ජාත්යන්තර පැරා මලල ක්රීඩා පිටිය තුළ ශ්රී ලංකා නාමය අභිමානවත් ලෙස ඔසවා තැබීමටද ඇය සමත්ව ඇත.

