චාවකච්චේරිය රෝහලේ නව ඉදිකිරීම් හෙට ඇරඹේ

0
6

චාවකච්චේරිය මූලික රෝහලේ අංගසම්පූර්ණ ඖෂධ ගබඩාවක්, කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක් සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කිහිපයක් සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

උතුරු පළාත් සභා අරමුදල් යටතේ ක්‍රියාත්මක වන මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා සමස්තයක් ලෙස රුපියල් මිලියන 335.52ක මුදලක් වෙන්කර ඇත.

උතුරු පළාත් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් දියත් කෙරෙන මෙම ව්‍යාපෘති අතුරින් ඖෂධ ගබඩාව සහ නිල නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් 2027 අගෝස්තු මාසයේදීත්, රුපියල් මිලියන 53ක වියදමින් සිදු කෙරෙන සෝපාන ඇතුළු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු 2027 මැයි මාසයේදීත් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here