ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පනී

0
24

පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතරතුරදී අද (05) උදෑසන 4.40ට පමණ පීලි පැන තිබේ.

ඒ දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම හේතුවෙනි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සියලු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බවද සඳහන් වේ.

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පළමු කාර්යාල දුම්රියද මෙය වේ.

පීලි පැනීමෙන් දුම්රියේ ඉදිරිපස කොටසටද හානි සිදුව ඇති අතර මේ සම්බන්ධව අදහස් දැක්වූ දුම්රිය රියදුරු මහතා පැවසුවේ පස් කණ්ඩියේ සහ ගලක දුම්රිය ගැටුණු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here