කොළඹ පිහිටි පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ජම්මු සහ කාශ්මීර ජනතාවට දශක ගණනාවක් තිස්සේ ස්වයං නීර්ණ අයිතිය අහිමි කර තිබීමට එරෙහිව ‘කාශ්මීර කළු දිනය’ සලකුණු කරමින් අද දින සම්මන්ත්රණයක් සහ ඡායාරූප ප්රදර්ශනයක් පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ වෙසෙන පාකිස්තාන ජාතිකයන්, මාධ්යවේදීන්, ලේඛකයන් සහ කාශ්මීරයේ හිතවතුන් ඇතුළු සමාජයේ විවිධ ක්ෂේත්ර නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ. කාශ්මීර ජනතාව වෙනුවෙන් පාකිස්තානයේ නොසැලෙන සහයෝගය අවධාරණය කරමින් පාකිස්තාන ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පණිවිඩ මෙහිදී ප්රකාශයට පත් කරන ලදී.
මෙම සම්මන්ත්රණයේදී ශිරාස් යූනුස් මහතා අදහස් දැක්වූ අතර, ඉන්දියාව විසින් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන සිටින ජම්මු සහ කාශ්මීරයේ පවතින බරපතල මානව හිමිකම් තත්ත්වය සහ සිදුවන බව කියන අක්රමිකතා පිළිබඳව පැහැදිලි කළේය. 1947 දී ස්වයං නීර්ණ අයිතිය අහිමි කිරීම වර්තමාන පීඩාවලට මුලික හේතුව බව පෙන්වා දුන් යූනුස් මහතා, මෙම කලාපය “ලොව විශාලතම බන්ධනාගාරය” බවට පත්ව ඇති බව ප්රකාශ කළේය.
ශ්රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්, අතිගරු මේජර් ජෙනරාල් (විශ්රාමික) ආචාර්ය නයියර් නසීර් මහතා නීති විරෝධී ආක්රමණයට එරෙහිව ජම්මු සහ කාශ්මීර ජනතාව දක්වන අසමසම නැගී සිටීමට සහ සාධාරණ අරගලයට තම ගෞරවය පුද කළේය.
මහ කොමසාරිස්වරයා සිය දේශනයේදී කාශ්මීර ජනතාවගේ ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් පාකිස්තානය දක්වන ස්ථාවර මූලධර්මාත්මක, දේශපාලනික සහ රාජ්ය තාන්ත්රික සහයෝගය නැවත නැවතත් තහවුරු කළේය. කාශ්මීර ජනතාවගේ අභිලාෂයන්ට අනුකූලව සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අදාළ යෝජනාවලට අනුකූලව කාශ්මීර අර්බුදයට සාමකාමී විසඳුමක් වෙනුවෙන් පාකිස්තානය පෙනී සිටින බව පෙන්වා දුන් ඒ මහතා, ඉන්දියාව විසින් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන සිටින ජම්මු සහ කාශ්මීරයේ තත්ත්වය පිළිබඳව ජාත්යන්තර ප්රජාව වැඩි වැඩියෙන් දැනුවත් වෙමින් පවතින බවත්, තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකි බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සිදුවීම මගින් ඓතිහාසික පසුබිම මෙන්ම, ජම්මු සහ කාශ්මීර හි පවතින දීර්ඝකාලීන ගැටුම සහ මානව හිමිකම් ගැටලු සඳහා විසඳුම් සෙවීමට ජාත්යන්තර ප්රජාව හදිසි පියවර ගැනීමේ අවශ්යතාව සාර්ථකව ඉස්මතු කරන ලදී.




