කොංගෝ රාජ්‍යයේ ගුවන් අනතුරකින් 14 දෙනෙකු මරුට.

0
6

කොංගෝ රාජ්‍යයේ සිදුවූ ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට හමුදාව තහවුරු කරයි.
මියගිය පිරිස අතර කොංගෝ හමුදා අධිකරණ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් මුටොම්බෝ කටාලයි ටියෙන්ඩේ සහ සන්නද්ධ හමුදා විගණන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් බකුමි ලිකුලියා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද වෙති.
නිරිතදිග කික්විට් නගරයේ සිට අගනුවර වන කින්ෂාසා බලා පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් කෙන්ගෙ ප්‍රදේශයට කඩා වැටී ඇත. අනතුරට නිශ්චිත හේතුව සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙතෙක් අනාවරණය කර නොමැති අතර, ඒ පිළිබඳ පරීක්ෂණ දැනටමත් ආරම්භ කර තිබේ.
නැගෙනහිර කලාපයේ රුවන්ඩා සහාය ලබන M23 ඇතුළු සන්නද්ධ කැරලි කණ්ඩායම් ප්‍රධාන නගර කිහිපයක බලය අල්ලා ගැනීමත් සමඟ, කොංගෝ හමුදාව පසුගිය වසරේ සිට එම කණ්ඩායම්වලට එරෙහිව දැඩි සටනක නිරත වෙමින් සිටින පසුබිමක මෙම අනතුර සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here