කුවේට් රාජ්යයේ සේවයේ නියුතු ශ්රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බව ‘අරාබි ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. මෙම සිදුවීම් සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.
පළමු සිදුවීම (අලි සබා අල්-සලීම් ප්රදේශය)- මෙම ප්රදේශයේ පිහිටි නිවසක උඩු මහලේ ගබඩා කාමරයක තිබී 1988 වසරේ උපත ලැබූ ශ්රී ලාංකික කාන්තාවකගේ සිරුර සොයාගෙන තිබේ. සිද්ධිය තහවුරු කරගැනීමෙන් පසු අහ්මදි මහජන පැමිණිලි මෙහෙයුම් කාර්යාංශය දැනුවත් කර ඇති අතර, මෙය සැකකටයුතු මරණයක් ලෙස නම් කර ඇත. වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුර වෛද්ය පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
දෙවන සිදුවීම (අල්-නහ්දා ප්රදේශය) – මෙම ප්රදේශයෙන් වාර්තා වී ඇති අනෙක් මරණයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 1999 වසරේ උපත ලැබූ කාන්තාවකි. ජහ්රා මහජන පැමිණිලි මෙහෙයුම් කාර්යාංශයේ උපදෙස් මත ඇයගේ මළසිරුරද වෛද්ය පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

