මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ මුහුද විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් එකී මුහුදු ප්‍රදේශවල නාවික සහ ධීවර කටයුතුවල නිරත වන ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවට එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
මේ අතරතුර දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි සහිත කාලගුණ තත්ත්වයක් පිළිබඳව ද අනාවැකි පළ කර ඇත.
ඒ අනුව සබරගමුව පළාත ඇතුළුව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි අතර, බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

