කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

0
220

NEWSNOW | – අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් පනවා තිබේ.

ජල සම්පාදන මණ්ඩලයට අනුව අද පෙරවරු 09.00 සිට ජල සැපයුම අත්හිටුවා ඇති අතර එය හෙට (දෙසැ. 27) අලුයම 03.00 දක්වා අඛණ්ඩව පවතිනු ඇත.

කළුතර උතුර, කළුතර දකුණ, වාද්දුව, වස්කඩුව, මොරන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබේ.