කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කළවැල්ලාව ප්‍රදේශයෙන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළ පරිදි, අද (12) උදෑසන වන විට මිල්ලකන්ද ජල මාපකයේ ජල මට්ටම මීටර් 5 ක සීමාව ද ඉක්මවා ගොස් ඇත.
මේ තත්ත්වය මත කළු ගඟ අවට පහත්බිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ගංවතුර අවදානම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා සූදානමින් සිටින ලෙසයි.

