කල්මුණේ උතුර මූලික රෝහලේ නව නිලධාරීන් පිරිසකට රාජකාරි භාර ගැනීමට බාධාඑල්ල කිරීම සම්බන්ධයෙන් ජාතික ශූරා සභාව පරීක්ෂණයවක් ඉල්ලයි.

0
2

කල්මුණේ උතුර මූලික රෝහලේදී අලුතින් පත් වූ රාජ්‍ය නිලධාරිනියන්ට රාජකාරි භාර ගැනීමට බාධා කළ බවට වාර්තා වූ සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දෙන ලෙස ජාතික ශූරා සභාව (NSC) අග්‍රාමාත්‍ය ආචාරය හරිනි අමරසූරිය මහත්මියගෙන් ඉල්ලා සිටියි.

2026 අගෝස්තු 15 වන දිනැතිව අග්‍රාමාත්‍යවරිය වෙත යොමු කළ ජාතික ශූරා සභාවෙ හි ලිපියේ මෙසේ සඳහන් වේ: “මෙම රෝහලට සේවයට වාර්තා කිරීම සඳහා පැමිණි අලුතින් පත් වූ කාන්තා රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු, පවතින රාජ්‍ය සේවයේ ඇඳුම් පැළඳුම් සංග්‍රහය සහ චක්‍රලේඛවලට අනුකූලව ඇඳ පැළඳ සිටියද, ඔවුන්ට රෝහලට ඇතුළු වීමට සහ නීත්‍යානුකූල රාජකාරී ඉටු කිරීමට රෝහල් පරිපාලන කාර්ය මණ්ඩලය විසින් බාධා කර ඇති බව වාර්තා වේ.

” ඔබ දන්නා පරිදි, 2019.06.26 දිනැති අංක 13/2019(1) දරන රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයේ 3(i) සහ 3 (iv) වගන්ති මගින්, නියමිත නිල ඇඳුමට අමතරව, මුළු මුහුණම (කන් හැර) විවෘතව තැබීමට යටත්ව, තමන් අදහන ආගමික අවශ්‍යතවලට අනුකූල ඇඳුමින් සැරසී රාජකාරි සඳහා වාර්තා කිරීමට රාජ්‍ය නිලධාරීන්ට අවසර දී ඇත.

 

“මෙම නිලධාරිනියන්ට අත්තනෝමතික ලෙස රාජකාරි භාර ගැනීමට බාධා කිරීම නීති විරෝධී වන අතර, ස්ථාපිතරාජ්‍ය චක්‍රලේඛවලට ද පටහැණි වේ. එමෙන්ම එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් වන, රාජකාරියේ නිරතරාජ්‍ය නිලධාරීන්ට බාධා කිරීමක් ද විය හැකිය. තවද, මෙම ක්‍රියාව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12(1), 12(2) සහ 14(1)(c) යන වගන්ති මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන අතර, රාජ්‍ය සේවයේ සියලු දෙනා අන්තර්ගත කර ගැනීමේ ක්‍රියාවලියට හානි පමුණුවන අහිතකර පුර්වාදර්ශයක් ද සපයයි.

“මෙම කරුණෙහි ඇති හදිසිභාවය සහ බරපතලකම සලකා බලමින්, ජාතික ශූරා සභාව රජයෙන් පහත සඳහන් දෑ ඉල්ලා සිටියි:

අංක 13/2019(I) දරන රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයට අනුකූලව අදාළ නිලධාරීනියන්ට වහාම සේවයට වාර්තා කිරීමට සහ රාජකාරී ඉටු කිරීමට අවසර දෙන ලෙස කල්මුණේ උතුර මූලික රෝහල් පරිපාලනයට වහාම නියෝග නිකුත් කිරීම.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා රාජ්‍ය නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව සුදුසු පරිපාලනමය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දීම.

ඉදිරියේදී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා පවතින චක්‍රලේඛ විධිවිධාන තදින්ම පිළිපදින ලෙස සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් වෙත නැවත පැහැදිලි කිරීමේ උපදෙස් නිකුත් කිරීම.

ජාතික ශූරා සභාවෙ හි ප්‍රධාන ලේකම් නීතිඥ රෂීඩ් එම්. ඉම්තියාස් මහතාගේ අත්සනින් යුත් මෙම ලිපියේ පිටපතක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ද යොමු කර ඇත.” (උපුටා ථ   අවසන්)

නිකුත් කළ දිනය: 2026.08.16

(අවශ්‍ය නම් කරුණාකර NSC ප්‍රධාන ලේකම් නීතිඥ රෂීඩ් එම්. ඉම්තියාස් මහතා අමතන්න – ජංගම දුරකථන : 0777 314 207)]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here