කඩුවෙල වෙළෙඳසැලක හටගත් ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට

0
2

කඩුවෙල නගරයේ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවි සැලක අද (19) උදෑසන ඇතිවූ ගින්නක් හේතුවෙන් එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මව, පියා සහ වයස අවුරුදු 2 හා 6 යන වයස්වල පසුවූ කුඩා දරුවන් දෙදෙනා මියගොස් තිබේ.

දෙමහල් ගොඩනැඟිල්ලක පහළ මහලේ පවත්වාගෙන ගිය විද්‍යුත් උපකරණ වෙළෙඳසැලේ මෙම ගින්න හටගෙන ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී එම පවුලේ පිරිස ගොඩනැඟිල්ලේ ඉහළ මහලේ රැඳී සිට ඇති බව වාර්තා වේ.

පැතිර යන ගින්න මැඬපැවැත්වීම සඳහා කෝට්ටේ ගිනි නිවීම් සේවා ඒකකයේ ගිනි නිවීමේ රථ තුනක් යොදවා තිබේ. ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ අදාළ අංශ විසින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here