ඕමාන් සුල්තාන් රාජ්‍යයේ 56 වැනි ජාතික දින සැමරුම කොළඹදී සැමරේ.

0
15

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි සයිඩ් අල් රෂ්ඩි (Ahamed Ali Said Al Rashdi) මහතාගේ ප්‍රධානත්වයෙන් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ 56 වැනි ජාතික දින සැමරුම් උත්සවය පසුගිය සිකුරාදා (නොවැම්බර් 20) කොළඹ අයි.ටී.සී. රත්නදීප (ITC Ratnadipa) හෝටලයේදී පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සහභාගී විය.

රැස්ව සිටි පිරිස ඇමතූ අමාත්‍ය පන්නිලගේ මහතා, දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අවධාරණය කළේය. ඕමානයේ සේවය කරන ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් විසින් සිදු කරනු ලබන සුවිශේෂී දායකත්වය ද අගය කළ ඒ මහතා, 56 වැනි ජාතික දිනය නිමිත්තෙන් ඕමාන් රජයට සහ එරට ජනතාවට සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

තානාපති අල් රෂ්ඩි මහතා විසින් අමාත්‍ය පන්නිලගේ, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසාර් අල් අමේරි (Khaled Nasser Al Ameri) සහ කටාර් තානාපති හමාඩ් මොහොමඩ් අබ්දුල්ලා අල්-සනාඩ් අල්-දෝසාරි (Hamad Mohammed Abdullah Al-Sanad Al-Dosari) යන මහත්වරුන් සමඟ එක්ව සංවත්සර කේක් ගෙඩිය කැපීම මෙම සැමරුම් උත්සවයේ විශේෂ අංගයක් විය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන්, ආරක්ෂක අංශ සාමාජිකයින්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here