ඕමානයේ මස්කට් වෙරළ තීරයේ දුර්ලභ රෝස පැහැති ඩොල්ෆින් මසුන් පිරිසක් මතුවෙයි

0
6

ඕමානයේ මස්කට් නගරයේ ක්වන්ටාබ් වෙරළ තීරය ආසන්නයේදී දුර්ලභ ගණයේ රෝස පැහැති ඩොල්ෆින් මසුන් කිහිප දෙනෙකු දක්නට ලැබී ඇති අතර, එම අපූරු දසුන හේතුවෙන් එහි සිටි සංචාරකයින් දැඩි විස්මයට පත් වී තිබේ.

වෙරළට ඉතා ආසන්නව අලංකාර ලෙස පිහිනමින් සිටි මෙම විරල සමුද්‍රීය සතුන් සංචාරකයන්ගේ කැමරාවල සටහන් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලයට එක්කළ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යමින් ලොව පුරා දැඩි ආකර්ෂණයක් දිනා ගනිමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here