ඔරිගන් ප්‍රාන්තයේ ප්‍රාථමික විද්‍යාලයක සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු 4ක් මරුට

0
10

අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ බෙන්ඩ් නගරයේ පිහිටි සිල්වර් රේල් (Silver Rail) ප්‍රාථමික විද්‍යාලයේ හටගත් වෙඩි තැබීමේ සිද්ධියකින් කුඩා ළමුන් තිදෙනෙකු සහ එක් වැඩිහිටියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ 16 හැවිරිදි වියේ පසුවන පිරිමි ළමයෙකු විසින් බව හෙළි වී තිබේ. පොලිස් කණ්ඩායම් දහවල් 1.00 ට පමණ අදාළ ස්ථානයට ළඟා වන විටත්, වෙඩික්කරු පාසල තුළම වෙඩි වැදී මියගොස් සිට ඇති අතර, ඔහුට පිටතින් පැමිණි අයෙකු විසින් වෙඩි තබා ඇති විය හැකි බව බෙන්ඩ් පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා ෂීලා මිෂෙල් මාධ්‍ය වෙත පවසා ඇත.

සිද්ධියත් සමඟ සිල්වර් රේල් ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රය වහාම වසා දමා ආරක්ෂක පියවර අනුගමනය කළ අතර, පාසල් සිසුන් ආරක්ෂිතව යළි දෙමාපියන්ට භාරදීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් ද පොලිසිය විසින් ස්ථාපිත කරනු ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය (FBI) ද පරීක්ෂණ සඳහා සම්බන්ධ වී ඇති අතර, ඊට අවශ්‍ය සියලුම සම්පත් ලබා දෙන බව FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. තවද, මෙම වසර තුළ අමෙරිකානු පාසල් පරිශ්‍රයන් තුළ වාර්තා වූ 36 වැනි වෙඩි තැබීමේ සිදුවීම ලෙස මෙය ඉතිහාසගත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here