එල්නිනෝ නිසා ගංවතුර අවදානමක්

0
11

පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් මෙරටට මෙම වසරේ අවසාන භාගයේදී සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ආසියානු කලාපයේ එල්නිනෝ බලපෑම සම්බන්ධයෙන් වන නවතම තක්සේරු වාර්තාව නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බවයි. විශේෂයෙන්ම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සැලකිය යුතු වර්ෂාපතනයක් මෙන්ම, දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමඟ දැඩි වර්ෂාවක් ලැබීමේ අවදානමක් පවතී.

එමඟින් ගංවතුර, ජලගැලීම් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට බලපෑම් ඇතිවිය හැකි අතර, මැදපෙරදිග අර්බුදයේ බලපෑම ද හමුවේ මෙරට ආර්ථික පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බව ද අදාළ වාර්තාවේ සඳහන් වේ. කෙසේවෙතත්, මෙය පුළුල් ආපදාවක් බවට පත්වීමට පෙර පූර්ව සූදානම සඳහා තවමත් කාලය පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

මේ අතර, පවතින වියළි කාලගුණය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ රැසක් සිඳී ගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ප්‍රකාශ කළ අතර, එල්නිනෝ තත්ත්වයෙන් හානියට පත් ගොවිබිම් සඳහා වන්දි ගෙවීමට රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here