එංගලන්තයට එරෙහි දෙවන විස්සයි20 තරග පරාජයෙන් පසු ‘Sky Sports’ නාලිකාව සමඟ පැවැති විශ්ලේෂණාත්මක සාකච්ඡාවකට එක්වෙමින්, වත්මන් ශ්රී ලංකා කණ්ඩායම අතීතයේ සිටි සාර්ථක කණ්ඩායමට වඩා බොහෝ පසුපසින් සිටින බවට එංගලන්ත හිටපු නායක නසාර් හුසේන් දැඩි විවේචනයක් එල්ල කළේය.
ශ්රී ලංකා පිතිකරුවන්ගේ අපරික්ෂාකාරී පහරවල්, නිලකුණු පන්දු වැඩිවීම සහ පන්දුවේ වේගය හමුවේ දක්වන දුර්වලතා පෙන්වා දුන් ඔහු, ශ්රී ලංකාව කඩා වැටීමකට ලක්ව ඇති බව පැවසීය.
මෙම මතය අනුමත කළ ශ්රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර සඳහන් කළේ, කණ්ඩායම තුළ ස්ථාවර තීරණ ගැනීමේ හිඟයක් පවතින බවත්, ශාරීරික යෝග්යතාව, තරගය කියවීමේ හැකියාව සහ මූලික ක්රිකට් සිද්ධාන්තයන් වැඩිදියුණු කරගනිමින් පවතින කුසලතාවන් ඉක්මනින් ජයග්රහණ බවට පරිවර්තනය කරගත යුතු බවත්ය.

