ඊශ්‍රායලයේ මිලේච්චත්වයට එරෙහිව මීගමුවේ විරෝධතාවයක්

0
166

NEWSNOW | – ඊශ්‍රායලය විසින් තවදුරටත් පලස්තීනයට එල්ල කරන අමානුෂික ප්‍රහාර හෙළා දකිමින් අද (18) මීගමුව තෙල්වත්ත මංසන්ධියේදී මහජනතාව විරෝධතාවයක පැවැත්වුණි.

කුරුසයේ ඇණ ගසා දැමු ජේසුස් වහන්සේ විඳි වේදනාව අනුස්මරණය කෙරෙන මහ සිකුරාදා වන අද දිනයේ ‘මහ සිකුරාදා අර්’ථවත් කරමු’ යන තේමාව යටතේ ‘කිතුසර’ සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

එහිදී පලස්තීන ජනතාවට සහය පළ කරමින් සහ ඊශ්‍රායල සිදු කරන ආක්‍රමණයට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වුණි.

කතෝලික සහ ඉස්ලාම් ආගමික නායකයින් සහ සියලු ආගම්වල ජනතාව ද විරෝධතාවයට සහභාගී වූ අතර ඔවුන් ඊශ්‍රායල ආක්‍රමණයට විරෝධය පළ කරමින් බැනර් සහ පුවරු ප්‍රදර්’ශනය කළහ.