ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා ඉදිරි මැතිවරණයෙන් ජයග්රහණය කළහොත්, ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්රායලය එක්ව ආරම්භ කළ යුස්සම/ප්රහාර යළි ක්රියාත්මක කිරීමට ඉඩ ඇති බවට ඉඟි කර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා විසින් ආරම්භ කරන ලද වැඩකොටස අවසන් කර දැමිය යුතු බවට කළ ප්රකාශයකින් අනතුරුව නෙතන්යාහු මෙම අදහස් පළ කර තිබේ. පසුගිය ඉරිදා දිනයේදී සිය ‘Truth Social’ සමාජ මාධ්ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ට්රම්ප් ඉල්ලා සිටියේ, අගමැති ධුරය සඳහා බෙන්ජමින් නෙතන්යාහුට ඡන්දය ලබා දෙන ලෙසයි. එමෙන්ම “අප ආරම්භ කළ කාර්යය අප අවසන් කළ යුතුයි” යනුවෙන් ද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
ට්රම්ප්ගේ මෙම සහයෝගය අගය කරමින් නෙතන්යාහු ප්රකාශ කර ඇත්තේ, ඉරානයෙන් එල්ල වන තර්ජන සදහටම නිමා කිරීම සඳහා තීරණාත්මක ක්රියාමාර්ග රැසක් ගැනීමට ට්රම්ප් සූදානම් බවයි. කෙසේ වෙතත්, එවැනි දැඩි ක්රියාමාර්ග අනුගමනය කිරීම තමන් දිගටම බලයේ රැඳී සිටීම මත දැඩි ලෙස රඳා පවතින බවද ඔහු පෙන්වා දී තිබේ.
ඉරාන පාලන තන්ත්රය සම්පූර්ණයෙන්ම බිඳ දැමීම සඳහා ඊශ්රායල හමුදාවට සහ බුද්ධි අංශයට තමන් දැනටමත් අවශ්ය උපදෙස් ලබා දී ඇති බව නෙතන්යාහු සඳහන් කර ඇති අතර, ඉරාන තර්ජනය සදහටම මැඩපැවැත්විය හැකි එකම මඟ එය බවද ඔහු අවධාරණය කර ඇත.
මේ අතර, ඉතා අසීරු හා අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද අගමැති නෙතන්යාහු ඉතා සාර්ථක කාර්යභාරයක් ඉටු කර ඇති බව තමන් දැඩි ලෙස විශ්වාස කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබේ.
මූලාශ්රය : අල්ජසීරා

