ඉරාන යුද්ධයෙන් ඇමෙරිකාවට ඩොලර් බිලියන 38ක පාඩුවක්

0
20

ඉරානය සමඟ පවතින ගැටුම් හේතුවෙන් 2026 අගෝස්තු 1 වන විට ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඩොලර් බිලියන 38ක පමණ වියදමක් දැරීමට සිදුව ඇති බව ඇමෙරිකානු කොංග්‍රස් අයවැය කාර්යාලය (CBO) ඊයේ (15) නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

යුද්ධය තවදුරටත් පැවතුණහොත් මසකට ඩොලර් බිලියන 2 සිට 3 දක්වා අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇති අතර, ඉන් විශාලතම පිරිවැය වන ඩොලර් බිලියන 21.7ක් වැයවන්නේ භාවිත කළ මිසයිල සහ අවි තොග නැවත පිරවීමටයි.

2025 ජූනි සිට පැවති අවි තොගවලින් අඩකට වඩා මේ වන විටත් භාවිත කර ඇති බව අනාවරණය වන අතර, ජූලි මාසයේදී ආරක්ෂක ලේකම් Pete Hegseth ද මෙම පිරිවැය ඩොලර් බිලියන 37.5ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණි.

මීට අමතරව, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා කෙරෙන තෙල් හා ගෑස් සැපයුමට එල්ල වූ බාධා නිසා ලබන වසරේ මුල් කාර්තුවේදී ඇමෙරිකාවේ උද්ධමනය 0.5%කින් ඉහළ යා හැකි බවත්, එමගින් භාණ්ඩාගාර සුරැකුම්පත් සඳහා වන පොලී අනුපාතද ඉහළ යාමේ අවදානමක් පවතින බවත් එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here