ඉරාන අර්බුදය ඉදිරි මාස කිහිපයේදී වෙනස්ම අදියරකට. අමෙරිකානු උප ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

0
18

ඉරානය සමඟ පවතින අර්බුදකාරී සහ යුදමය තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ වෙනස්ම අදියරකට පරිවර්තනය වනු ඇති බව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්‍රකාශ කර තිබේ.

Air Force Two නිල ගුවන් යානය තුළදී විදෙස් පුවත්පතකට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම තත්ත්වය වෙනස් අදියරකට පිවිසෙන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය තමන්ද අනුමත කරන අතර, ඕනෑම සන්නද්ධ ගැටුමක් ආරම්භ කිරීම සහ අවසන් කිරීම පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා විසින් බවයි.

අමෙරිකානු ජනතාව අතර යම් නොඉවසිලිමත් බවක් පැවතියද, දැනට අමෙරිකාව කිසිදු දැඩි ආක්‍රමණශීලී මෙහෙයුමක නිරත නොවන බවත්, වර්තමානයේ ඉරානය විසින් වෙළඳ නෞකාවලට එල්ල කරන ප්‍රහාර බොහෝ විට අසාර්ථක වන බවත් උප ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here