ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇම්නෙස්ටි සංවිධානයෙන් පාකිස්ථානයට දැඩි විරෝධයක්

0
15

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියන් ඇතුළු පවුලේ සාමාජිකයින් සහ පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ක්‍රියාකාරීන් සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත විරෝධතාවට පෙර අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය සිය බලවත් විරෝධය පළ කර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම් හරහා අදහස් ප්‍රකාශ කිරීමේ, සාමකාමීව රැස්වීමේ සහ පෞද්ගලික නිදහසේ අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වන බවත්, එය පාකිස්ථානයේ පවතින දේශපාලන මර්දනයේ තීව්‍රතාව පෙන්නුම් කරන බවත් එම සංවිධානයේ දකුණු ආසියානු නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ බාබු රාම් පාන්ට් පවසයි.

විරෝධතාව පැවැත්වීමට පෙරම එය ප්‍රචණ්ඩකාරී ලෙස අර්ථකථනය කරමින් අගනුවර මාර්ග බාධක යෙදීම සහ නීති විරෝධී ලෙස බලය යෙදවීම ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට පටහැණි බව පෙන්වා දෙන ඇම්නෙස්ටි සංවිධානය, දේශපාලන හා පවුල් සබඳතා මුල් කරගෙන අත්අඩංගුවට ගෙන සිටින සියලු දෙනා වහා නිදහස් කරන ලෙස පාකිස්ථාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here