පාකිස්තානයේ හමුදා නායකත්වය සහිත වත්මන් පාලන තන්ත්‍රය රට ඒකාධිපතිවාදයක් දෙසට තල්ලු කරමින් සිටින බවත්, සිය පියා දීර්ඝ කාලයක් තිස්සේ නීතිවිරෝධී ලෙස සිරගත කර තැබීම සහ ඔහුට සිදුවන වධ හිංසා පසුපස හමුදාව සිටින බවට කිසිදු සැකයක් නොමැති බවත් බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ වැඩිමහල් පුත් සුලෙයිමාන් ඊසා ඛාන් දැඩි ලෙස චෝදනා කරයි.
2023 වසරේ සිට රාවල්පින්ඩි හි අඩියාලා බන්ධනාගාරයේ රඳවා සිටින ඉම්රාන් ඛාන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය, බන්ධනාගාරය තුළ ඔහුට දක්වන සැලකිල්ල සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ ගැටලු පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු කිරීම සඳහා සංවිධානය කර තිබූ මෙම විශේෂ මාධ්‍ය හමුවට සුලෙයිමාන් සමඟ ඔහුගේ සොහොයුරු කසීම් ඛාන් සහ ජාත්‍යන්තර නීති උපදේශකයින් ද එක්ව සිටි අතර, එහිදී පාකිස්තානය තුළ ශීඝ්‍රයෙන් පහත වැටෙන මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ද සිය දැඩි කනස්සල්ල පළ කර සිටියහ.

