ඉන්දුනීසියාවට රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූකම්පනයක්. 20 දෙනෙකු ජීවිතක්ෂයට

0
45

UPDATE

ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයෙන් මිය ගිය පිරිස 20 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඒ අනුව භූකම්පනයෙන් මේ දක්වා පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

ඉන්දුනීසියානු මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කර ඇත්තේ භූකම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ද වාර්තා වී ඇති බවය‍.

ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්න මුහුදේ අද (15) අලුයම 3.28ට පමණ රික්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදු වූ අතර, එයින් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රධාන භූකම්පනයෙන් අනතුරුව රික්ටර් මාපක 5.9, 5.6 සහ 6.1 යන අගයන්ගෙන් යුතු පසුකම්පන 3ක් වාර්තා විය.

මෙම සිදුවීමත් සමග ඉන්දුනීසියානු ජාතික භූ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද, පසුව පවතින තත්ත්වය සමාලෝචනය කර එම අනතුරු ඇඟවීම ඉවත් කිරීමට කටයුතු කළේය.

මෙම භූකම්පන තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවූ ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙම භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවයි.

ඒ අනුව දිවයිනේ වෙරළබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතයට කිසිදු තර්ජනයක් නොමැති අතර එම ප්‍රදේශ ආරක්ෂිත මට්ටමක පවතින බවද තහවුරු කරයි.