ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි. දෙදෙනෙකු මරුට

0
204

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ. මෙහිදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

තුවාලකරුවන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අද (4) රාත්‍රියේ මෙම අනතුරක් සිදුව ඇති අතර බස්රථය කිලෝමීටර 24 කනුව ආසන්නයෙන් මෙලෙස ප්‍රපාතයට පෙරළී තිබේ. එය මීටර 200ක් පමණ පහළට පෙරලී ගොස් ඇති බව සඳහන්ය.

ඇල්ලේ විනෝද චාරිකාවක් පැමිණි තංගල්ල නගර සභාවේ කාර්යය මණ්ඩලයේ පිරිසක් යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

අනතුරින් සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැත.