ඇමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයෙන් දරුණු ප්‍රතිප්‍රහාර: හෝමුස් සමුද්‍රසන්ධිය ආශ්‍රිතව උණුසුම් තත්ත්වයක්.

0
6

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවකට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකා 5ක් විනාශ කළ බව ඇමෙරිකානු බුද්ධි අංශ හා හමුදාව ප්‍රකාශ කර ඇත.

මෙම ඇමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සදහන් කර ඇත්තේ, ඇමෙරිකාවේ අනුබලදීම මත හෝමුස් සමුද්‍රසන්ධියේ තහනම් සහ අන්තරායකර කලාපයක් හරහා ගමන් කිරීමට උත්සාහ කළ ඇමෙරිකානු නෞකා 2කට සහ තෙල් නැව් 8කට පහර දුන් බවයි. මීට අමතරව එම කලාපයේ ගමන් ගත් තවත් නීති විරෝධී නෞකා 10කටද සිය බලකාය විසින් ප්‍රහාර එල්ල කළ බව IRGC සඳහන් කරයි.

එමෙන්ම ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරකට ද සිය ප්‍රහාර එල්ල වූ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය වැඩිදුරටත් තහවුරු කර ඇත.

මේ අතර, කුවේට් සහ බහරේන් වරාය ආශ්‍රිතව පවතින බොරතෙල් ප්‍රවාහන නෞකා ඕනෑම මොහොතක ප්‍රහාරයන්ට ලක්විය හැකි බැවින්, එම නෞකාවල සේවය කරන කාර්ය මණ්ඩලවලට වහාම ඉන් ඉවත් වන ලෙස ඉරාන විප්ලවීය නාවික හමුදාව අනතුරු අඟවා තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) තෙහෙරානයට අනතුරු අඟවමින් කියා සිටියේ, ඇමෙරිකානු යුද නෞකාවලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට වහාම ප්‍රතිචාර දක්වන බවත්, ඉරාන බොරතෙල් නෞකාවලට දිගින් දිගටම පහර දෙන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here