ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ ශ්රී ලංකාවට හිමි පළමු රන් පදක්කම දිනාගැනීමේ තීරණාත්මක අවසන් මහා තරගයට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අද (22) පෙනී සිටියි.
ප්රබල ඉන්දියානු කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම ඓතිහාසික රන් පදක්කම් තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 10:30ට ආරම්භ වී තිබේ.
මීට පෙර පැවැති ආසියානු ක්රීඩා උළෙලවලදී 2014 වසරේදී ලෝකඩ පදක්කමක් සහ 2022 වසරේදී රිදී පදක්කමක් දිනාගැනීමට ශ්රී ලංකා කාන්තා පිල සමත් විය.

