ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

0
11

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් අද (03) පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 63කින් පරාජයට පත් කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළ අතර, ලකුණු 166ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 102ක් පමණි.

මෙය මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් තෙවන පදක්කම වන අතර, මේ වන විට ශ්‍රී ලංකාව රන්, රිදී සහ ලෝකඩ පදක්කම බැගින් දිනාගැනීමට සමත්ව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here