ආමර් වීදියේ බාබර් හන්දිය, මාලිගාවත්ත මුස්ලිම් පල්ලිය අසල ප්රදේශය, සංඝරාජ මාවත සහ බ්ලූමැන්ඩල් මාවත යන ප්රදේශවල මාර්ග මෙලෙස ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්රදේශවල මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
පවතින අධික වර්ෂා තත්ත්වයත් සමඟ මෙම ප්රදේශවල මාර්ග ජලයෙන් යටවීම මෙම රථවාහන තදබදයට ප්රධාන හේතුව වී ඇත.
එබැවින්, එම මාර්ග භාවිත කරන සියලුම රියදුරන්ගෙන් සහ මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඉදිරි පැය කිහිපය තුළ අදාළ මාර්ග හරහා ගමන් කිරීමේදී දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් යුතුව රිය ධාවනය කරන ලෙසයි.

