අලවතුගොඩ නායයෑමකින් වීශාල පිරිසක් අතුරුදන්

0
146

NEWSNOW | –  අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ.

අංකුඹුර, අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයෑම සිදුව ඇති බව පොලීසිය පවසයි.

නායයෑමෙන් පුද්ගලයින් අවතැන්වීම් හා ජීවිත හානි වාර්’තා වී ඇත. මෙතෙක් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්’තා වී නොමැත.

එම ගම්මානයේ සිට පිරිසක් අතුරුදන් වී ඇති බවට වාර්තා වේ.මේ වනතෙක් සහන කණ්ඩායම්වලට හෝ එම ස්ථානයට ළඟාවීමට හැකිවී නොමැති බව වාර්’තා වේ.

අලවත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්’ශන සිදුකරයි.