බටහිර-මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව වර්ධනය වී තිබූ “අර්නබ්” (Ornab) අතිප්රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම තත්ත්වයත් සමඟ ශ්රී ලංකාවේ කාලගුණ තත්ත්වයට අදාළ පද්ධතියෙන් එල්ල වී තිබූ බලපෑම ක්රමයෙන් පහව යමින් පවතී. කෙසේ වෙතත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ. මීට අමතරව, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවලත් පස්වරු 1.00න් පසු ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තරමක තද සුළං ඇති වීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු මඟින් සිදුවිය හැකි හානි වළළා ගැනීමට අවශ්ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දන්වා සිටියි.

