දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (21) දිනයේදී පාසල් 38ක් නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
පවතින කාලගුණික තත්ත්වය සලකා බලමින් පාසල් පැවැත්වීම පිළිබඳ තීරණ ගැනීමේ බලය ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන් වෙත පවරා ඇත.
ඒ අනුව අද උදෑසන 9.00 වන විට ලැබුණු වාර්තාවලට අනුව මධ්‍යම පළාතේ පාසල් 35කටත්, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල එක් පාසල බැගින් පාසල් 3කටත් මෙලෙස නිවාඩු ලබා දී ඇත.

