අභාවප්‍රාප්ත වූ කටාරයේ පියා නොහොත් ෂීක් හමාඩ් බින් කලීෆා අල් තානි මැතිතුමාගේ වියෝව වෙනුවෙන් මෙරට මුස්ලිම් ප්‍රජාව සිය ශෝකය පල කරයි.

0
51

පසුගියදා අභාවප්‍රාප්ත වූ කටාරයේ පියා නොහොත් ෂීක් හමාඩ් බින් කලීෆා අල් තානිගේ වියෝව වෙනුවෙන් මෙරට මුස්ලිම් ප්‍රජාව අද(14) දින සිය ශෝකය පල කිරීම සඳහා කොළඹ පිහිටි කටාර් තානාපති කාර්යාලය වෙත ගියහ.

මුස්ලිම් ලීග් තරුණ පෙරමුණේ සභාපති ෂාම් නවාස් මහතා ප්‍රමුඛ එහි උපදේශකවරුන් වන , ඇමසෝන් උසස් අධ්‍යාපන ආයතයේ අධිපති ඉල්හාම් මරික්කාර්, පහන මීඩියා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අශ්ශෙයික් අබ්දුල් මුජීබ් මවුලවිතුමා අද පස්වරුවේ කොළඹ පිහිටි කටාර් තානාපති කාර්යාලය වෙත ගොස් කටාර් තානාපතිවරයා වෙත සිය ශෝකය පල කළහ.

එසේම ලෝකයට කටාර් රාජ්‍යය අත්‍යවශ්‍යම තැනක් බවට පත් කළ එහි පියාගේ වියෝව වෙනුවෙන් ඔවුන් සිය සාතිශය සංවේගය සටහනක් ලෙස තබමින් මෙරට මුස්ලිම් ප්‍රජාවගේ සහ මෙරට සමස්ත ජනතාව වෙනුවෙන් ශෝකය පල කළේය.

එම අවස්ථාවට කටාර් තානාපති කාර්යාලයේ නිලධාරීන්ද එක්ව සිටියේය.

වසර ගණනාවක් කටාර් රාජ්‍ය පාලනය කරමින් ලෝක සාමය වෙනුවෙන් ඉතා විශිෂ්ට සේවාවක් කළ පුද්ගලයෙකු ලෙස ෂීක් හමාඩ් බින් කලීෆා අල් තානි මැතිතුමා ඉතිහාස ගත වේ. විශේෂයෙන්ම ගාසා ජනතාවගේ ගැටලුව, අමෙරිකා ඉරාන ගැටුම, ඇෆ්ගනිස්තාන ගැටලුව වැනි දීර්ඝ කාලීන ගැටලුවලට විසදුම් විසඳුම් සොයා ලෝක සාමය උදා කිරීමට ඔහුගේ මැදිහත් වීම ඉතා විශිෂ්ට බව කිසිදා අමතක කළ නොහැක.

අභාවප්‍රාප්ත වූ ෂීක් හමාඩ් බින් කලීෆා අල් තානි මැතිතුමාට අපි ස්වර්ගය ලැබේවායි අපි ප්‍රාර්ථනය කරමු.