අපරාධ, මිනීමැරුම්, සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඩුබායි සැඟවී සිටි ‘බස් ලලිත්’ මෙරටට රැගෙන එයි.

0
22

මෙරට තුළ අපරාධ, මිනීමැරුම්, සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඩුබායි වෙත පළා ගොස් සැගවී සිටි කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් නොහොත් කුඩු ලලිත් නැමැත්තා අද (25) දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීවරුන් කණ්ඩායමක් විසිනි.

එරට දී අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියහ.කළුතර දකුණ , දූව පංසල පාරේ පදිංචි බස් ලලිත් 36 හැවිරිදි වියේ පසුවන්නෙකි.

අද (25) දින අලුයම 05.20 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි.

මොහු හංවැල්ල, අවිස්සාවේල්ල, කටුකුරුන්ද, පාදුක්ක, මීගොඩ සහ කල්තොට යන පොලිස් වසම් තුළ මනුෂ්‍ය ඝාතන මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති අතර සී. 4 වර්ගයේ අතිප්‍රබල පුපුරන ද්‍රව්‍ය තොගයක් ද සන්තකයෙහි තබා ගෙන සිටීම පිළිබද චෝදනා මොහුට එරෙහිව එල්ල වී තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි පසු , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු, වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here