අනෝජන් සිවරාසාට සෞදි අරාබියෙන් පනවා තිබූ මරණ දඬුවම අවලංගු වෙයි

0
25

ශ්‍රී ලාංකික දෙමළ ජාතික අනෝජන් සිවරාසාට එරෙහිව පනවා තිබූ මරණ දඬුවම සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිල වශයෙන් අවලංගු කර ඇති බව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව දියත් කරන ලද රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය උත්සාහයන්හි සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙම තීන්දුව ලැබී ඇති බවත්, එය සිවරාසාට හිමිවූ විශාල සහනයක් බවත් අමාත්‍යවරයා පවසා ඇත.

සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට ස්තූතිය පුද කළ ඔහු, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අදාළ නීති කණ්ඩායම් විසින් මෙම නඩුව වෙනුවෙන් දැරූ දැවැන්ත කැපවීමද විශේෂයෙන් අගය කර තිබේ.

සිවරාසාගේ ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here