අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත පිරිසට ඉවත් වන ලෙස අධිකරණ නියෝගයක්.

0
5

අනුරාධපුර රුවන්වැලි මහා සෑය පරිශ්‍රයේ සත්‍යග්‍රහයේ නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසට එම පූජා භූමියෙන් වහාම ඉවත් වන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ IX පරිච්ඡේදයේ 106 (1) වගන්තිය ප්‍රකාරව, හදිසි අවස්ථාවකදී සිදුවිය හැකි මහජන පීඩාවක් වැළැක්වීමේ තාවකාලික ආඥාවක් ලෙසයි.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් පෙන්වා දී ඇත්තේ, සාමකාමීව ඉවත් වන ලෙස දැනුම් දී තිබියදීත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, උදිත නිශාන්ත යන අය ඇතුළු පිරිස ඉවත් නොවී අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන බවයි. එමෙන්ම රුවන්වැලි සෑය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට අවහිර වන අන්දමින් මෙම සත්‍යග්‍රහය සිදුකරන බවද පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

අදාළ නියෝගයට අනුව සිදුවිය යුතු කරුණු:

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සියලුම හිමිවරුන් සහ පිරිස අද පස්වරු 2.00 වන විට රුවන්වැලි සෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු මුළු පූජා භූමි ප්‍රදේශයෙන්ම ඉවත් විය යුත විරෝධතාකරුවන් විසින් පූජා භූමිය තුළ ඉදිකර ඇති සියලුම තාවකාලික කුඩාරම් ඉවත් කරගත යුතුය.

පූජා භූමියේ පිහිටි කිසිදු පුරාවිද්‍යා ස්මාරකයකට හානියක් හෝ අලාභයක් සිදු නොකළ යුතුය.

අධිකරණය විසින් වෙනත් නියෝගයක් නිකුත් නොකරන්නේ නම්, අද සිට ඉදිරි දින 14ක කාලයක් සඳහා මෙම බලපැවැත්වෙන ආඥාව ක්‍රියාත්මක වන බව මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here