අන්දමන් සහ නිකොබාර් දූපත් සඳහා BCCI අනුබද්ධ සාමාජිකත්වය හිමිවීමේ සූදානමක්

0
8

අන්දමන් සහ නිකොබාර් දූපත් සමූහය වෙත ක්‍රිකට් අනුබද්ධ සාමාජිකත්වය පිරිනැමීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) එළැඹෙන සැප්තැම්බර් 18 වැනිදා මුම්බායි හිදී විශේෂ රැස්වීමක් කැඳවා ඇති අතර, එහිදී එම දූපත්වල ක්‍රිකට් පාලනය කරන ‘අන්දමන් සහ නිකොබාර් ක්‍රිකට් සම්මේලනයට’ අනුබද්ධ සාමාජිකත්වය ලබාදීම කෙරෙහි අවධානය යොමුකිරීමට නියමිතය.

ඉන්දීය ප්‍රධාන භූමියෙන් කිලෝමීටර් 1,000කට වඩා දුරින් පිහිටි දූපත් 800කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත මෙම කලාපයේ ක්‍රිකට් පාලනය සඳහා BCCI හි අවධානය යොමු වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, අදාළ සාමාජිකත්ව ඉල්ලීම සසු සංගම් විසින් පිළිගනු ලැබුවහොත් එම දූපත් තුළ ක්‍රිකට් තරග පැවැත්වීමටත් අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමටත් කටයුතු කරනු ඇත.

දැනට කණ්ඩායම් 38ක් සහභාගී වන ඉන්දීය දේශීය තරගාවලි සඳහා මෙම දූපත් නියෝජනය කරන කණ්ඩායම එකවරම ඇතුළත් නොකළද, ක්‍රමයෙන් ඔවුන්ව පුහුණු කර තරගාවලි සඳහා එක්කර ගැනීමට BCCI සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here