අනවසර මාර්ග භාවිතයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ ඉන්ධන නෞකා දෙකක් ගිනි ගනී

0
6

අනවසර මාර්ග ඔස්සේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ ඉන්ධන නෞකා දෙකක් ගිනිගෙන විනාශ වී ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මෙම සමුද්‍ර සන්ධියේ සූක්ෂම ලෙස අටවා තිබූ බිම් බෝම්බයකින් ඉන් එක් නෞකාවක් ගැටී ඇති අතර, දෙවන නෞකාව ජල මාර්ගයේ නැගෙනහිර කොටසින් ඉවතට යාමට උත්සාහ කිරීමේදී මෙලෙස ගින්නට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, එම දෙවන නෞකාවේ හටගත් ගින්න නිවීමට සහයෝගය දැක්වීම සඳහා පැමිණි ටග් යාත්‍රාවටද ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here