අධිවේගී මාර්ගයේ මගීන්ට ආසනපටි අනිවාර්ය කෙරේ

0
9

සැප්තැම්බර් 19 වනදා සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරන්ට මෙන්ම මගීන්ටද ආසනපටි (Seat belts) පැලඳීම අනිවාර්ය කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මෙම නීතිය ඉදිරියේදී තදින්ම ක්‍රියාත්මක කරන බවත්, ආසනපටි නොපළඳින පුද්ගලයන්ට (බස් රථ මගීන් ඇතුළුව) රුපියල් 1,000ක දඩ මුදලක් පැනවීමට නීතිමය ප්‍රතිපාදන පවතින බවත්ය.

මෑතකදී සිදුවූ රිය අනතුරුවලදී ආසනපටි නොපැලඳ සිටීම හේතුවෙන් සිදුවූ ජීවිත හානි ඉහළ යෑම සලකා බලමින්, මහජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.

2025 සැප්තැම්බර් 25 දිනැති අංක 2455/29 දරණ ගැසට් නිවේදනයට අනුව මෙම නීති ක්‍රියාත්මක වන අතර, ආසනපටි නොමැති වාහන සඳහා ඒවා සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලයද සැප්තැම්බර් 19 වන දිනෙන් අවසන් වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here