අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලක්ෂ 8ක පෙළපොත් අතුරුදහන්. තලංගම පොලිසියෙන් විමර්ශන

0
5

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් නියමිත බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත භාර දී නොමැති බවට තලංගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියක විසින් පසුගිය 12 වනදා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පළමුවැනි ශ්‍රේණියේ තෙවන වාරය වෙනුවෙන් මුද්‍රණය කරන ලද දෙමළ මාධ්‍ය ක්‍රියාකාරකම් සහ පෙළපොත් 19,892ක් මෙලෙස අතුරුදහන් වී ඇති බව සඳහන් වේ.

පසුගිය මැයි 04 වනදා අදාළ පොත් තොගය ප්‍රවාහනය සඳහා දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගත ආයතනය වෙත ලබා දී තිබුණද, නැගෙනහිර පළාතේ පිහිටි මධ්‍යස්ථාන 12 වෙත ඒවා ලැබී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here