අද රත්නපුරේ ප්‍රදේශ කිහිපයකට පැය 13ක ජල කප්පාදුවක්

0
17

රත්නපුර, කොලොන්න ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (30) පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව මඩුවන්වෙල, කරගහයාය, මහයාය, කෑල්ල, අලුබෝද, වැල්කැටිය සහ ජදුර යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව බලපානු ඇත.

වඩාත් ගුණාත්මක ජල සේවාවක් සැපයීමේ අරමුණින් සිදුකෙරෙන මෙම අලුත්වැඩියාව නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව මණ්ඩලය කනගාටුව පළ කරන අතර, ජලය කලින් රැස්කර ගනිමින් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here