අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැවි තෙල් සහ නැප්තා මිල ගණන් පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පියවර ගෙන තිබේ. ඒ අනුව දැවි තෙල් ලීටරයක මිල රුපියල් 38 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 210 ක් වේ.
මීට පෙර දැවි තෙල් ලීටරයක් අලෙවි වූයේ රුපියල් 248 කටය. එමෙන්ම රුපියල් 210 ක්ව පැවති නැප්තා ලීටරයක මිල රුපියල් 35 කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 175 ක් ලෙස සටහන් වේ.

